උදව් එපා
ප්‍රහේලිකාව පිරවීම
පියවර වශයෙන් ගත් කල පහත අයුරු වේ.
- ප්‍රථමයෙන් ලාංකිය සිතුවිලි නව වෙබ් අඩවිය වන http://lankeeya.lk/ වෙත පිවිසෙන්න.
- එහි දී ඔබ පෙර මෙහි ලියාපදිංචි වූවකු නම් ඉහළ දකුණු කෙලෙවරෙහි දී ඇති ස්ථානයේ අවැසි දත්ත සටහන් කොට ලොග් වන්න. ඔබට ඔබගේ මුරපදය අමතක වූයේ නම් ‘අමතක අය’ යන සබැඳිය භාවිතා කරන්න. එසේ නොමැති නම් ‘අලුත් අය’ යන සබැඳිය ඔස්සේ ගොස් ඔබගේ විද්‍යුත් ලිපිනය සහ කැමති මුරපදයක් භාවිතා කොට ලියාපදිංචි වන්න. ඔබ බ්ලොග් අඩවියක හිමිකරුවෙකු නම්, මේ සඳහා ඔබ ඔබගේ බ්ලොග් අඩවිය ලාංකිය සිතුවිලි හී ලියාපදිංචි කිරීමේදි භාවිතා කරන්නට යෙදුනු විද්‍යුත් ලිපිනය භාවිතා කිරීම මැනවි.
- පැය 24ක් ඇතුලත ඔබට ලාංකිය සිතුවිලි වෙතින් Lankeeya Account Details නමින් විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත. එහි දී ඔබගේ මුරපදය සමග ලියාපදංචිය සනිටුහන් කරනු පිනිස සබැඳියක් එවනු ඇත. එම සබැඳිය ක්ලික් කිරීම මගින් ඔබේ ලියාපදිංචිය සම්පූර්ණ වේ.
- දැන් ඔබ ලාංකීය සිතුවිලි වෙබ් අඩවියේ සාඩම්බර සාමාජිකයෙකි. එබැවින් ඔබට අවැසි අවස්ථාවන්හිදී http://lankeeya.lk/ ට ලොග් විය හැක.
- මෙසේ ලොග් වූ විට, ලියාපදංචිය සඳහා ඔබ විසින් භාවිතා කරන්නට යෙදුනු විද්‍යුත් ලිපිනය හා බැඳි, ඔබගේ බ්ලොග් අඩවි සියල්ල දිස් වෙයි. එයට අමතරව ඔබ විසින් අවසන් වරට පටස් කරන්නට යෙදුනු ලිපියද දිස්වනු ඇත. මෙහි දී ඔබට කැමති පිංතූරයක් දිස්වීමට සැලැස්විය හැක. ඒ සඳහා දැනට දිස්වන ‘ලා’ අකුර රැගත් ලාංකීය සිතුවිලි හී ලාංඡනයට යටින් ඇති ‘වෙනස් කරමි’ යන සබැඳිය භාවිතා කරන්න.
- ප්‍රහේලිකාව පිරවීම අරඹන්නට මෙහි දී ඇති ප්‍රහේලිකා සබැඳිය මත ක්ලික් කරන්න.
- ප්‍රහේලිකාවේ ඔබ කැමති ප්‍රමාණයක් පුරවා, ‘මාත් පිරෙව්වා’ යන්න ක්ලික් කිරීම මගින් එය සේව් කර තැබිය හැක. යම් ප්‍රමාණයක් පුරවා පසුව ඉතිරිය පිරවීම සඳහා මෙසේ සේව් කර තැබිය හැකි අතර සම්පූර්ණයයෙන් පුරවන්නට යෙදුනු ඔබගේ ප්‍රහේලිකාවේ නිරවද්‍යතාව එළඹෙන සිකුරාදා දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.