මීට ඉහතදී අපි ඔබට ප්‍රහේලිකා දෙකක් ඉදිරිපත් කෙරුවෙමු. එයින් ලාංකීය සිතුවිලි ප්‍රහේලිකාව පිළිබඳ යම්තාක් දුරට අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතමු. එමගින් ප්‍රහේලිකාව නිමැවීමේදී මෙන්ම එය ඉදිරිපත් කිරීමේදී හා පිළිතුරු සලකා බැලීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු පිළිබඳව අපද දැනුමක් ලැබූ අතර මින් ඉදිරියට ඒ සියලුම කාරණා සලකා බලා ඉදිරි ප්‍රහේලිකාවන් ඔබට ඉදිරිපත් කිරීම අපගේ සැලසුමයි.
ලඟ ලඟ ම එන සාහිත්‍ය මාසය වෙනුවෙන් ලාංකීය සිතුවිලි මගින් ක්‍රියාවට නංවන්නට බලාපොරොත්තු වන අංග කිහිපයකි. ඒ අතර ඉදිරියේදී, එනම් අගෝස්තු 15, සැප්තැම්බර් 01 සහ සැප්තැම්බර් 15 යන දිනවල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රහේලිකා සඳහා ඔබ සැම ඉදිරිපත් කරන්නට යෙදෙන පිළිතුරු සළකා බලා වඩා ‘නිවැරදිම සහෘදයා’ වෙත වටිනා තිළිණයක් පිරිනමන්නට ලාංකීය සිතුවිලි කණ්ඩායම කටයුතු සම්පාදනය කර ඇති බව මේ අවස්ථාවේදී සටහන් කරන්නේ ඉමහත් සතුටිනි.
මෙහිදී පිළිතුරු ඇගයීමේදී සළකා බලන්නට යෙදෙන කරුණු පහත ආකාර වේ.
- ප්‍රථමයෙන් කිව යුතුව ඇත්තේ නිවැරදි ලෙස ලාංකීය සිතුවිලි අඩවියට ලොග් නොවීම ඔබට ‘නිවැරදිම සහෘදයා’ වීමේ අවස්ථාව අහිමි කිරීමට හේතු විය හැකි බවයි. ඔබගේ අනන්‍යතාව පැහැදිළි වන නමක් සහ අනන්‍යතාව පැහැදිලි කරන පිංතූරයක් භාවිතා කිරීම ඔබට ජයග්‍රාහී මාවත පිවිසීමට ඇති පළමු පියවර බව සිහි තබා ගැනීම මැනවි. ඒ සඳහා ප්‍රහේලිකා උදව් සටහන උපයෝගී කර ගන්න.
- පෙර පරිදි ඔබ සැම ඉදිරිපත් කරන පිළිතුරු කාල වේලාව ලැබෙන අයුරින් ඇගයීමට ලක් කර, ‘නිවැරදි අපි’ වෙතට ගෙන නො-එන අතර දින 15 අවසානයේ ඊ ළඟ ප්‍රහේලිකාව ඉදිරිපත් කිරීමට පෙර ‘නිවැරදි අපි’ තුල නිවැරදි වූ ඔබ සැම දිස්වනු ඇත. එනම් උදාහරණ වශයෙන් ගත් කළ අගේස්තු 15 ප්‍රහේලිකාවේ ප්‍රථිඵල දිස්වනුයේ අගෝස්තු 31 වනදාය. පෙර පරිදීම හැකි උපරිම අයුරින් ප්‍රහේලිකාව පිරවීමට ඔබ හට දින 15 තුලදීම පුළුවන.
- ප්‍රහේලිකාව සැකසීමේ දී පෙර පරිදීම එදිනෙදා ජීවිතයේදී භාවිතා වන වදන් සේම අන්තර්ජාලය තුලින් සොයා ගත හැකි වදන්ද භාවිතා කෙරෙනු ඇත. ඔබට සොයා ගත නොහැකි වදන් සඳහා අන්තර්ජාලය තුල සිංහල භාෂාවෙන් ඇති ශබ්දකෝෂ භාවිතා කිරීමෙන් නිවැරදි පිළිතුරු සොයා ගත හැකිවනු ඇත.
- පෙර ප්‍රහේලිකා සලකා බැලීමේදී අප දුටු කරුණක් වනුයේ සමහර දෙනෙකුට ‘නිවැරදි අපි’ වීමට නොහැකි වී ඇත්තේ එකම එක අකුරක වැරැද්දෙනි. එසේ බැලූ කල ඉදිරි ප්‍රහේලිකා තුනෙහිදි බොහෝ දෙනෙකුට එලෙසින් සිදුවුවහොත් ප්‍රහේලිකා තුනම නිවැරදිව පිරැවූ අයෙකු සොයා ගැනීම අපහසු වනු ඇත. එබැවින් අවසාන ‘නිවැරදිම සහෘදයා’ තෝරා ගැනීමේදී එක් අයෙකු විසින් සපයා ඇති නිවැරදි පිළිතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් සලකා බැලීමට තීරණය කොට ඇත. එනම්, එක් ප්‍රහේලිකාවක හරස් පද 30ක් ඇත්නම් එයින් 25/30, 29/30, 28/30 ආදී වශයෙන් ගෙන අවසාන ‘නිවැරදිම සහෘදයා’ තෝරා පත් කර ගන්නෙමු. සමහර කෙනෙකුට එක් ප්‍රහේලිකාවක් හෝ පිරවීම අතපසු වුවද උත්සහය අත් නොහැර ඉතිරි ප්‍රහේලිකා පුරවන්නේ නම් සමහරවිට මේ ආකාරයට පිළිතුරු අගයන නිසා, ‘නිවැරදිම සහෘදයා’ වීමටද හැකිවනු ඇත.
- පෙර ප්‍රහේලිකා සලකා බැලීමේදී අප දුටු තවත් කරුණක් වනුයේ පිළිතුරු නිවැරදි වුවද බොහෝ දෙනෙකු අක්ෂර වින්‍යාසය පිළිබඳව සමහර තැන් වලදී නොසලකා හැර ඇති බවය. එවන් පිළිතුරු පසුගිය ප්‍රහේලිකා වලදී නිවැරදි ලෙද ගිණීමට තීරණය කලද, මේ තරඟකාරී අවස්ථාවේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ මන්ද යත් යම් හෙයකින් අවසාන ‘නිවැරදිම සහෘදයා’ තේරීම තියුණු මුහුණුවරක් ගතහොත් අවසාන වශයෙන් අක්ෂර වින්‍යාසය පිළිබඳව බොහෝ සෙයින් සලකා බැලීමට අපට සිදුවනු ඇත.
- සමහර වදන් සඳහා, ප්‍රහේලිකාවේ සමස්ත අන්තර්ගතයට හානී නොවන පරිදී ඔබ ඉදිරිපත් කර තිබූ විවිධ විසඳුම් නිවැරදි ලෙස පෙර ප්‍රහේලිකා වලදී සලකන ලදී. උදා.- කර-උර මෙයින් ඉදිරියටද ඒ තීරණයේ වෙනසක් සිදු නොවේ.
- මෙයට අමතරව මෙතෙක් මතු වී නොතිබුනු ප්‍රායෝගික ගැටළු කිසිවක් ඉදිරියේදි මතුවුවහොත්, අවස්ථාව අනුව ගත හැකි වඩා උචිතම තීරණය ගන්නෙමු.
- තවද, ඔබ විසින් දකින යම්කිසි ගැටළු සහගත ස්ථානයක් වේ නම් මේ ලිපියට ප්‍රතිචාර ලෙසින් එය දක්වන්න.
- ප්‍රහේලිකාවේ අවසාන ‘නිවැරදිම සහෘදයා’ තේරීමේදී, ලාංකීය සිතුවිලි හී තීරණය අවසාන තීරණය වේ.